ගැහැණු දරුවන් වැඩි කාලයක් ගෙදර වැඩට

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 08:58 - {{hitsCtrl.values.hits}}  

ගැහැණු දරුවන් වැටුප් නොලබා ගෙදර දොරේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන බව එක්සත් ජාතීන්ට අයත් යුන්සෙෆ් සංවිධානය වාර්තාවකට අනුව මගින්  අනාවරණය කරයි. වයස 5 සිට 14 දක්වා වූ ගැහැණු දරුවන් පිරිමි දරුවන්ට වඩා 40% ක් වැඩියෙන් මෙසේ ගෙදෙර දොරේ වැඩකටයුතු වෙනුවෙන් කාලය වැය කරන බව ඔවුන් පෙන්වා දෙති.

වාර්තාවට අනුව එම ගැහැණු දරුවන් දිනකට මිනිත්තු 160ක් මෙසේ වැඩිපුර ගෙදර දොරේ කටයුතු වෙනුවෙන් සිය කාලය වැය කරන්නේ කිසිදු වැටුපක් ද අය කිරීමකින් තොරවය. ලොව පුරා ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන් අයෙක් නිවසේ කෑම පිසීම හෝ පිරිසුදු කිරීම සිදුකරන බවත්, අඩකට වැඩි පිරිසක් ජලය රැගෙන ඒම හෝ දර කැඩීමට යන බවත් එම වාර්තාව වැඩිදුරටත් පෙන්වයි.

එමෙන්ම, කුඩා දරුවන් හෝ වැඩිහිටියන් රැකබලා ගැනීම වැනි කටයුතුවලද ඔවුන් යෙදෙන බවත්, එම වාර්තාවේ දැක්වෙයි. එමෙන්ම, ජලය හෝ දර කැඩීමට නිවසින් බැහැරට යෑම හේතුවෙන් එම දරුවන් ලිංගික අතවරයන්ට පත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවද එහි දක්වා ඇත.

ඔක්තෝබර් 11 වැනිදාට යෙදෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනයට සමගාමීව නිකුත් වූ මෙම වාර්තාවේ ළමා විවාහ, ගැහැණු දරුවන්ගේ ලිංග ඡේදනය ආදී කරුණුද ඇතුළත් වන බවත් කියැවෙයි.(අද පුවත්පත)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...