2024 නොවැම්බර් මස 19 ප.ව. 06:14 - {{hitsCtrl.values.hits}}
ගිං ගඟ පිටාර ගැලීමෙන් හිනිදුම මහබෝධිවත්ත ප්‍රදේශය මේවන විට අඩි පහක් පමණ ජලයෙන් යටවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනකරණ මධ්‍යස්ථානය පවසයි. හිනිදුම පොලිසිය ඉදිරිපිට පාර,තවලම නෙළුව මාර්ගයේ මාවනාන ප්‍රදේශය, නෙළුව බටුවංගල ප්‍රධාන මාර්ගය උඩුගම කාටගොඩ හන්දිය, නෙළුව දූලි ඇල්ල පාර ජලයෙන් යටවෙමින් පවතී. මේ ප්‍රදේශයේ සියලුම මාර්ග ජලයෙන් යටවී පවතින බැවින් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට ඇතැයි වාර්තා වේ. අද දිනය පුරාම පැවති තද වැස්ස මේ වනවිට තරමක් අඩුවී ඇතත් කළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 12ක කාලයේ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි. ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා යුද හා නාවුක හමුදා භට කණ්ඩායම් සහිත මුදවාගැනීමේ කණ්ඩායම් 7 ක් අදාළ ප්‍රදේශ වෙත යොමු කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි. බද්දේගම, වක්වැල්ල,පෝද්දල හා උක්වත්ත ආදී ප්‍රදේශයන්හි පහත් බිමිද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව වාර්තා වන අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ එම ප්‍රදේශවල ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |