ගිරව් ඇල්ලීම තහනම් කිරීමට අවධානය

2024 ඔක්තෝබර් මස 06 ප.ව. 10:50 - {{hitsCtrl.values.hits}}  

ගිරව් (Parrotfish) යනුවෙන් හැඳින්වෙන මත්ස්‍ය විශේෂය ඇල්ලීම තහනම් කිරීමට ධිවර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ජෛව ඛාදනයන් වැළැක්වීමටත්, සංචාරක ආකර්ෂණය සඳහා වැදගත් මත්ස්‍යයෙකු ලෙස මෙම මත්ස්‍ය විශේෂය ප්‍රසිද්ධියක් උසුලයි.

ගල්පර ආශ්‍රිතව ජීවත්වන මෙම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාව තුළ ආහාර සඳහා වැඩි වශයෙන් භාවිත නොකරතත් ධීවරයින් විසින් අල්ලා ගැනීම නිසා ගිරව් වඳවී යාමට හේතුවක් වී ඇති බව ධීවර අමාත්‍යාංශය කියයි.

ගිරව් ඇල්ලීම තහනම් කරන ලෙස ධීවර අමාත්‍යාංශයෙන් කරනු ලැබූ ඉල්ලීම් අනුව ගිරව් ඇල්ලීම තහනම් කිරිමට ධීවර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

o-QUEEN-PARROTFISH-facebook 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...