ගුරු වර්ජනයෙන් පාසල් කටයුතු අඩාලයි -(GIT) විභාගයට බාධාවක් නෑ

2025 අප්‍රේල් මස 22 ප.ව. 09:33 - {{hitsCtrl.values.hits}}  

දිවයින පුරා ගුරුවරු ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර වර්ජනයක්  අද (13) ආරම්භ කරනු ලැබීය. මේ හේතුවෙන් දිවයිනේ සියලු පාසල්වල කටයුතු අඩාල වී තිබුණි. 

ගුරුවරු ලෙඩ නිවාඩු දැම්මාට විභාගයට බාධාවක් නෑ‘


12 වැනි ශ්‍රේණියේ සිසුන්  සඳහා  අද (13) ඇරැඹු සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (GIT) සියලු කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව  විභාග කොමසාරිස් ජනරාල්  සනත් පුජිත මහතා පැවසීය.
 දිවයින පුරා ගුරුවරු ලෙඩ නිවාඩු දමා  සේවයට වාර්තා නොකිරීමේ වර්ජනයක් ගෙන ගිය ද  අදාල විභාග රාජකාරී සඳහා යොදවා ඇති සියලු  ගුරුවරු මේ වන විට සේවයට වාර්තා කර ඇති බව දෙපාර්තමේනුතව කියයි. විභාග මධ්‍යස්ථාන 655 කදී  විභාගය පැවැත්වෙන අතර  කිසිදු  ගැටළුවකින් තොරව විභාගය ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස්වරයා ජනරාල් වරයා  පැවසීය. විභාගය 18 වැනිදා තෙක් පැවැත්වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...