ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක්

2025 අප්‍රේල් මස 21 ප.ව. 08:09 - {{hitsCtrl.values.hits}}  

නව කොරෝනා වෛරසය හේතුවෙන්ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.

මේ සඳහා හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසීය.

විශේෂයෙන්ම ඔවුන් සැලකිලිමත් වන්නේ එය දුර්වල සෞඛ්‍ය පද්ධතියක් ඇති රටවලට ව්‍යාප්ත විය හැකි බව නිසා යැයිද ඔහු සඳහන් කළේය

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා චීන බලධාරීන් ගෙන ඇති 'අසාමාන්‍ය ක්‍රියාමාර්ග' ගැන ප්‍රශංසා කළ ඔහු, වෙළඳාම හෝ චීනයට සංචාරය කිරීම සීමා කිරීමට කිසිදු හේතුවක් නොමැති බවද පැවසුවේය.

නව කොරෝනා වෛරසයෙන් චීනයේ පමණක් ඊයේ (30දා) දිනය අවසන් වනවිට පුද්ගලයන් 213ක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ නිල තොරතුරු ඇසුරෙන් ප්‍රකාශයට පත්කොට තිබුණි.

තවත් රටවල් 18ක රෝගීන් 98ක් වාර්තා වී ඇති නමුත් මරණ කිසිවක් සිදුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහිදී බොහෝ ආසාධිතයන් හමුවී ඇත්තේ වෛරසය පැතිරීම ආරම්භ වූ චීන නගරයක් වන වුහාන් සිට ගමන් කළ අය තුළය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...