චීනයටත් ලෝකයටත් ආශීර්වාද පතා කොච්චිකඩේ දේවස්ථානයේදී දේව මෙහෙයක්

2025 අප්‍රේල් මස 21 ප.ව. 04:47 - {{hitsCtrl.values.hits}}  

'කොවිඩ්-19' වෛරසයෙන් බලපෑමට ලක්වූ චීනයටත් සමස්ත ලෝකවාසි ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් කෝවිඩ් වසංගතයෙන් සමස්ත ලෝකවාසීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් හෙට (15දා) කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ අඟරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙම විශේෂ දේව මෙහෙය මෙහෙයවනු ලබයි.

පස්වරු 12.15ට මෙම දේව මෙහෙය ආරම්භ වෙයි. ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අඟරඳගුරු සන්නිවේදන ඒකකය හා එක්ව මෙම දේව මෙහෙය සංවිධානය කර තිබේ.

 'ශ්‍රී ලංකා චීන මිතුදම සුරකිමු, විපතට පත් ලෝකවාසීන්ට සුවය ප්‍රාර්ථනා කරමු' යන මැයෙන් ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පසුගිය සතියේදී චීන තානාපති කාර්යාලයේද සහභාගීත්වය හා සහයෝගය ඇතිව විශේෂ බෞද්ධාගමික වතාවත්වලද නිරත වූ අතර අද (14දා) කොළඹ දෙවටගහ පල්ලියේදී පැවැත්විණ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...