චීනයෙන් වෛද්‍ය සැපයුම් තොගයක්

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 07:14 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කර , ඒවා විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා ප්‍රකාශ කළේය. 

මෙම වෛද්‍ය උපකරණ තොගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යූ.- 231 දරන ගුවන් යානය අද (8) දින රාත්‍රී 6.33 ට චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය තුළ වූ වෛද්‍ය උපකරණ අතර , කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමට භාවිතා කරන පී.සී.ආර්. කට්ටල 30,000 ක් තිබූ අතර , ඊට අමතරව මුව වැසුම් සහ අත් ආවරණ ද ඇතුළු තවත් බොහෝ වෛද්‍ය උපකරණ  විශාල ප්‍රමාණයක් තිබූ අතර , එම වෛද්‍ය උපකරණ සියල්ලෙහි මුළු බර කිලෝ ග්‍රෑම්  4,753 ක් බව මෙම ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය .

මෙම වෛද්‍ය උපකරණ තොගය ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් , ශ්‍රී ලංකා රජය වෙත හෙට (9)  දින භාර දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය .

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...