චීනයේ වෙන්ෂු නගරයත් හුදෙකලා කරයි

2025 අප්‍රේල් මස 21 ප.ව. 08:06 - {{hitsCtrl.values.hits}}  

නව කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමටත්, ඉන් ජනතාව ආරක්ෂා කර ගැනීමත් අරමුණු කර ගනිමින් චීනයේ ‍ෂෙජියෑන් පළාතේ වෙන්ෂු නගරය හුදෙකලා කිරීමට චීනය කටයුතු කර තිබේ.

වූහාන් නගරයේ සිට කිලෝ මීටර් 800ක් දුරින් මෙම නගරය පවතියි. එම නගරය තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 265ක් වාර්තාවීම හේතුවෙන් චීනය මෙම තීරණය ගෙන තිබේ.

හුබෙයි පළාතෙන් පසුව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ෂෙජියෑන් පළාතෙන් වන අතර එය 661කි. එම පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වෙන්ෂු නගරයෙන් එනම් 265ක් වාර්තා වීම හේතුවෙන් එම නගරය හුදෙකලා කර තිබේ.

ඒ හරහා නගරය තුළ තවදුරටත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම මේ හරහා චීනය අපේක්ෂා කරයි.

නගරයේ ජනගහණය මිලියන 9.1ක් වන අතර එයින් රෝගය වැළදී ඇත්තේ 265ක් තරම් සුළු පිරිසකටය.

නරගය හුදෙකලා කිරීමත් සමගින් එක් නිවසක එක් පුද්ගලයෙකු දින දෙකකට වරක් නිවසින් පිටතට පැමිණ අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබේ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...