ජනපති කාම්බෝජයට

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 09:48 - {{hitsCtrl.values.hits}}  

සිය සිවුදින නිල කාම්බෝජ සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස කාම්බෝජයේ පොනාම් පේ ගුවන් තොටුපොළින් එරටට ළඟා විය.

කාම්බෝජ රජයේ නිල ආරාධනයක් පරිදි කාම්බෝජයට ළඟා වූ ජනපතිවරයා  එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය මාළිගාවේ අමාත්‍ය කෙයියූ කන්හරිත් මහතා ඇතුළු එරට රජයේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.

සිය සංචාරය තුළදී ජනාධිපතිතුමා කාම්බෝජියා රජු, කාම්බෝජියා අග්‍රාමාත්‍ය ඇතුඵ එරට රජයේ ඉහළ නියෝජිත පිරිසක් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීමට නියමිත ය.

දෙරට අතර ආර්ථික, වෙළඳ, සංචාරක මෙන්ම බෞද්ධාගමික සබඳතා පුළුල් කරගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුකරමින් දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් කිරීමට නියමිතව තිබේ.

අද පස්වරුවේදී ශ්‍රී ලංකා කාම්බෝජියා ව්‍යාපාරික සමුඵවේ සමාරම්භක සැසිය සඳහා ද ජනපතිවරයා එක්වීමට නියමිතය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...