ජලභීතිකා රෝගය ඉහළ යෑමේ අවදානමක්

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 12:57 - {{hitsCtrl.values.hits}}  

සුනඛයන් සපා කෑමට ලක්වන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ලබාදෙන එන්නත බොහෝ රෝහල් තුළ නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව ජලභීතිකා රෝගී තත්ත්වය ඉහළ යමින් තිබෙන බවත්, මේ වසරේ ගෙවීගිය කාලය තුළදී සුනඛයන් සපා කෑම නිසා පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙන බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

ජලභීතිකා මර්දන වැඩපිළිවෙළ නිසි ලෙස සිදු නොවීම නිසා සුනඛයන් සපාකෑමට ලක්වන පුද්ගලයන්ගෙන් 99%කටම ජීවිත ආරක්ෂා කර ගැනීමේ එන්නත ලබාදීමට සිදුව තිබෙන බවත්, මේ නිසා එන්නත් හිඟයක් ඇතිවී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...