ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධි දින වැඩසටහන් ජනපති ප්‍රධානත්වයෙන්

2024 ඔක්තෝබර් මස 07 ප.ව. 12:50 - {{hitsCtrl.values.hits}}  

6e008d3994157c2a5250bde43b425b35_Lජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් ,මතින් නිදහස් රටක් අභිමානවත් හෙටක්, තේමාව යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය විරෝධී දින වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි. 2016 ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සමරු මුද්දරය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
 මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා කැපවූ ති‍්‍රවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් සමාජයේ නිලධාරින් දස දෙනෙකුට සම්මාන හා සහතික පත‍්‍ර ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
 අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවින්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ප‍්‍රතිපත්තිය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. පූජ්‍ය තීනියාවල පාලිත නායක ස්වාමින් වහන්සේ ද, අමාත්‍ය සාගල රත්නයක, ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් කේ. ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...