2025 ජනවාරි මස 10 ප.ව. 11:47 - {{hitsCtrl.values.hits}}
2014/2016 අධ්‍යයන වර්ෂවල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා හදාරා අවසන් කළ ඩිප්ලෝමාධාරීන් 3736 දෙනෙකුට ගුරුපත්වීම් ප්රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුන්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි රාධක්‍රිෂ්ණ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණ.
‘අද මේ රටට දියුණු වෙන්නනම් පුහුණු, උපාධිය, ඩිප්ලෝමා ලැබුණු ගුරුවරු අවශ්‍යයයි .ගුරුවරු නැතිනම් මිනිස් සම්පත දියුණු කරන්න බැහැ. මිනිස් සම්පත් නැතිව රට දියුණු කරන්න බැහැ‘‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(20) අරලියගහ මන්දිරයේ පැවැති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සදහා ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයක දී පැවසීය.
‘‘ඒ වගේම අපේ රට ඉන්දියාවේ කේන්ද්‍රස්ථානය වෙන්න පුළුවන්, ධනවත් ආර්ථිකයක් ඇති රටක් පුළුවන් අධ්‍යාපනය තිබෙනවානම් පමණයි. එකම සම්පත මේ රටේ ජනතාව. ඒ නිසා ඒ සම්පතෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න ඔබ කටයුතු කළ යුතුයි‘‘ යැයි ද එහිදී අගමැතිවරයා කීවේය.
අධ්‍යාපන ක්ෂේත්රය විධිමත් කිරීමත්, ප්‍රමිතිය හා ගුණාත්මක බව ආරක්ෂා කිරීමත් අරමුණු කර ගනිමින් ඉදිරියේ දී පාසල් පද්ධතිය තුළට උපාධිධාරීන් හෝ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් නොවන කිසිවෙක් බඳවා නොගැනීමට සුදානම් වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එමෙන්ම අධ්‍යාපන මට්ටම අනුව වැටුප් දීමනා වැඩි කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරන බවද සඳහන් කළා.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |