ජූලි 05දා දක්වා වගා කිරීමට සුදුසු බෝග

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 05:43 - {{hitsCtrl.values.hits}}  

භෝග පුරෝකථනයට අනුව ජූලි 05 වැනිදා දක්වා කාලය තුළ වගා කිරීමට සුදුසු එළවළු වර්ග පිළිබඳ ජාතික කෘෂිකර්ම තොරතුරුහා සන්නිවේදන මධ්‍යස්ථානය එළිදක්වා ඇත.

දැනට වගාකර තිබෙන එළවළු වගා භූමි ප්‍රමාණය, අස්වැන්න ලැබෙනකාලය හා රටේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන කෘෂිකර්ම ව්‍යාපෘති අංශයේ නිලධාරීන් එකතු කළ දත්තවලට අනුව මෙම පුරෝකථනය සිදුකරන තිබේ.

මේ අනුව ජූලි 05 වැනිදා දක්වා කාලය තුළදී බීට් රූට් වගාකළහොත් අස්වැන්න ලැබෙනවිට ඉතාමත් හොඳ මිලක් ලැබෙන බව පැවසේ.

බෝංචි, වම්බටු, ගෝවා වගාකළහොත් සාමාන්‍ය මිලක් හිමිවන බවත්, කරවිල පතෝල, මාළු මිරිස්, තක්කාලි කැරට් වගා කළහොත් අඩුමිලක් ලැබිය හැකි බවත් ප්‍රකාශ වෙයි.

වැටකොළු, බණ්ඩක්කා, රාබු වගා කළහොත් ඉතා අඩුමිලක් ලැබියහැකි බවත්, ගොවීන්ට හොඳ මිලක්ලබාදීමට මාර්ග උපදේශයක් ලෙස දින දාහතරෙන් දාහතරට මෙම පුරෝකථනය ඉදිරියට සිදුකිරීමට නියමිතව තිබේ.(wmdjbm)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...