ටොම් EJC අඹ හා කටු අනෝදා පැළ නිකන් ගන්න හෙට සුහුරුපායට යන්න

2025 අප්‍රේල් මස 22 ප.ව. 10:13 - {{hitsCtrl.values.hits}}  

දස කෝටියක් පැළ සිටුවීමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව නැකතට පැළයක් යන තේමාව යටතේ මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැළ ලක්ෂ දෙකක් සිටුවීමේ ජාතික මහෝත්සවය හෙට (11දා) සවස 3.00 ට බත්තරමුල්ල සුහුරුපාය බිම් මහලේ දී  පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ සංකල්පය මත වසර කීපයක් පුරා ක්‍රියාත්මක වන මෙම දස කෝටියක් පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා මැති ඇමතිවරුන් රැසක් මෙවර ද සහභාගී වීමට නියමිතය.

පැමිණෙන සියළුම දෙනාට ටොම් ඊ.ජී.සී. අඹ පැළ සහ කටු අනෝදා පැළ දස දහසක් ලබා දීමද මෙහිදී සිදු කෙරේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...