ඩෙංගු වසංගතයක් වෙලා

2024 ඔක්තෝබර් මස 07 ප.ව. 12:52 - {{hitsCtrl.values.hits}}  

Aedes_aegypti_feedingඩෙංගු රෝගය වසංගත තත්ත්වයට පැමිණ ඇතැයි සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පැවසීය. බස්නාහිර පළාතේ සහ මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම තත්ත්වය වැඩිවශයෙන් තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
රෝගීවූ ජනතාව රෝහල් කරා පැමිණීමේ ප්‍රමාදයක් දැකිය හැකි බවද පාලිත මහීපාල මහතා පවසා සිටියේය.
රෝහල්වලට පැමිණෙන රෝගීන් පැය 12 ක් ඇතුළත් පරීක්ෂා කරන්නැයි රෝහල්වලට දන්වා තිබෙන බවත්, දින 2 කට වඩා උණ තිබේ නම් රෝහල් කරා පැමිණෙන ලෙසත්, එවැනි රෝගී ලක්ෂණ පහළ වූවහොත් පැරසිටමෝල් පමණක් ලබා ගන්නා ලෙසත් ඒ මහතා පවසා සිටියේය.(ada.lk)

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...