තද වැසි

2025 ජනවාරි මස 10 ප.ව. 05:50 - {{hitsCtrl.values.hits}}  

මහජනයා සඳහා කාලගුණ අනාවැකි

2017සැප්තැම්බර්මස05වන දින මධ්‍යහන 1200 ට  නිකුත් කරන ලදි.

බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විශේෂයෙන් ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඉතා තද වැසි (මි.මි. 100-150ක පමණඇති විය හැක. බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පසුවවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. රත්නපුර, කළුතර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තද වැසි (මි.මි. 100-150ක පමණ) ඇති විය හැක. සෙසු ප්‍රදේශවල සමහර ස්ථානවලට තරමක් තද වැසි (මි.මි. 75 ක පමණ) ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස27 වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.හෙට දින (06) දහවල් 12.09ට තෙල්වත්ත, බද්දේගම, දීගල, මුලටියන, ජඳුර, අත්තනවල සහ උඩමුල්ල යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...