ත්‍යාග ලබාදීමට මුදල් ඉල්ලුවොත් දෙන්න එපා

2024 නොවැම්බර් මස 18 පෙ.ව. 09:10 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට මේ දිනවල විදේශ රටවල දුරකථන අංක වලින් මග හැරුණු ඇමතුම් නොහොත් (Missed call) ඉතා විශාල වශයෙන් ලැබීමේ ලැබීමේ ප්‍රවනතාවයක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එමෙන්ම නාදුනන ශ්‍රී ලාංකික දුරකථන අංක වලින් විවිධ වර්ගයේ SMS කෙටි පණිවිඩ ශ්‍රී ලාංකික ජනතාවට ලැබීමේ ප්‍රවනතාවයක්ද හටගෙන ඇති බව එම සංගමය පවසයි.

 ශ්‍රී ලාංකික ජංගම දුරකතන පරිශීලකයන් යම් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කල බවත් එම ත්‍යාගය ලබාගැනීමට යම් මුදලක් ගෙවය යුතු බවත් සදහන් කරමින් ලැබෙන මෙම SMS පණිවිඩ වලට පෞද්ගලික විස්තර ලබානොදෙන ලෙස සහ ඔවුන් විසින් සපයනු ලබන බැංකු ගිණුම් අංක වලට හෝ bitcoin wallet වෙත ඔවුන් ඉල්ලා සිටින මුදල් ලබාදීමට යාමෙන් වලකින ලෙසත් එම සංගමය පවසයි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...