ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරිම 5 දා

2025 මැයි මස 10 ප.ව. 09:33 - 63  

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය මේ මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මහා සංඝරත්නය ප්‍රමුඛව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් මෙම කටයුත්ත සිදුකරන බවත්, ත්‍රිපිටකය නොමැති සෑම විහාරස්ථානයකටම ත්‍රිපිටකය ලබාදීමටත් කටයුතු කරන බවද ඊයේ (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

ත්‍රිපිටකය ලෝකයේ මුල්වරට තල්පත්වල ලේඛනාරූඪ කරනු ලැබුවේ ක්‍රි.පූ. 1 වන සියවසේ මාතලේ අලුවිහාරේදී බවත් 05 වනදින ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ උත්සවයද මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බවද සඳහන් කළේය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...