ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත්කරයි

2025 අප්‍රේල් මස 22 ප.ව. 12:35 - {{hitsCtrl.values.hits}}  

ත්‍රිපිටක සංරක්‍ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31දා) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල, පූජ්‍ය මැදගම ධම්මානන්ද, පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද යන නායක ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ගිහිපැවිදි සාමාජිකයන් 43 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකින් යුතුව ජනාධිපතිවරයා විසින් මෙම ත්‍රිපිටක සංරක්‍ෂණ මණ්ඩලය පත්කරනු ලැබීය.

ථේරවාදී බුදුදහම ඇතුළත් ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමට ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත් අතර , ඉන් නොනැවති ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්‍ෂණය කිරීමට අදාළ වැඩපිළිවෙළද සකස් කර තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ත්‍රිපිටක සංරක්‍ෂණ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ඉදිරියේදී ත්‍රිපිටකය නැවත මුද්‍රණය හෝ සංස්කරණය සපුරා තහනම් වනු ඇත.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...