ත්‍රී කුණාමලෙන් පැරණි වරාය නගරයක් හමුවෙයි

2025 ජනවාරි මස 11 පෙ.ව. 04:27 - {{hitsCtrl.values.hits}}  

F_BLUE AND WHITE WAREඅතීතයේ ගෝකන්න තිත්ත ලෙස හැඳින්වූ ත්‍රිකුණාමලයේ වරාය ආශ්‍රිත පැරණි වාරාය නගරයක හෝ වෙළෙඳාම් සිදුකළ ස්ථානයක කොටස් හඳුනාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත්වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්‘ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

පුරාවිද්‍යාත්මක නිරීක්ෂණ අනුව ත්‍රිකුණාමලය මුහුදු සීමාවෙහි ෆෙඩ්‍රික් බළකොටුවේ සිට මීටරු 500ක් උතුරු දිශාවෙන් වර්ග කිලෝමීටර් භාගයක පමණ ගොඩබිමට පැතිරීමක් ඇති ආකාරයෙන් වන ප්‍රදේශය මෙය වන අතර පිඟන් භාණ්ඩ කැබලි විශාල ප්‍රමාණයක් මෙහි ගවේෂණ කටයුතුවලින් සොයාගැනීමට හැකිවූ බවත් ගුණවර්ධන මහතා පැවසීය.

අනුරාධපුර යුගයේ සිට යටත් විජිත කාලය දක්වාම වූ කාල පරාසය තුළ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ මෙන්ම විදෙස් රටවලින් ආනයනය කළ පිඟන් භාණ්ඩ කැබලි කැණීම් මගින් හමුවී ඇති අතර චීනය ඉරානය ඉන්දියාව නෙදර්ලන්තය යන රටවල පිඟන් භාණ්ඩ වැඩි වශයෙන් හමුවූ බවත් හෙතෙම කීය.(ada.lk)

GRAY WARE

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...