තාක්ෂණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් කුලියාපිටියට

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:52 - {{hitsCtrl.values.hits}}  

75bcf142f65720b441d86c8a00223a09_Lකොරියානු ජනරජයේ මූල්‍ය ප්‍රදානයක් මත කුලියාපිටියේ ඉදි‍කිරීමට නියමිත තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද(22) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී රාධක්‍රිෂ්ණන් මහතාගේ සහ කොරියානු ජනරජයේ විශේෂ නියෝජිත මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්.

මාස 18ක් තුළ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිත මෙම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෙනුවෙන් කොයිකා ආයතනය වෙතින් රුපියල් මිලියන 1911ක මූල්‍ය ප්‍රදානයක් ලැබී තිබෙනවා.
අනාගත වැඩලෝකයට ගැළපෙන තාක්ෂණ හැකියාවෙන් පරිපූර්ණ ශ්‍රමබළකායක් ඇති කර ගැනීමේ ජාතික අවශ්‍යතාව රජය හොඳින් හඳුනාගෙන සිටින අතර දැනටමත් පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙමින් පවත්නා තාක්ෂණවේදය විෂය ධාරාව වෙනුවෙන් ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් ම වෙන් වූ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් මේ දක්වා නොපැවති බවත් කුලියාපිටියේ ඉදිකිරීමට නියමිත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මඟින් ඉදිරියේ දී එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.
මෙම අවබෝධතා ගිවිසුම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ කොයිකා ආයතනය වෙනුවෙන් කොරියානු ජනරජයේ විශේෂ නියෝජිත ලී ඩොන් කියු (Lee Don Ku) මහතා අත්සන් කරනු ලැබුවා.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...