තාක්ෂණ මෙවලම් භාවිත ‍කළොත් වසර 5ක් විභාග තහනම්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:54 - {{hitsCtrl.values.hits}}  

අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙට (6) පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන ඇති බවත් ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් (ලක්ෂ හතක්) මෙවර විභාගයට පෙනී සිටින බවත් විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්. එන්.එම් .ජේ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කරයි.

ජංගම දුරකථන, ස්මාට් වොච් ඇතුළු තාක්ෂණික මෙවලම් විභාගය සදහා භාවිත කිරීම සපුරා තහනම් වන අතර යම් අපේෂකයෙක් තාක්ෂණික මෙවලම් භාවිත කළ බව තහවුරු වුවහොත් ඔහු හෝ ඇය පස් වසරක විභාග තහනමකට යටත් කෙරෙන බව ද කොමසාරිස්වරයා අවධාරණය කළේය.

විභාග සම්බන්ධ යම් අක්‍රමිකතාවක් හෝ යම් පැමිණිල්ලක් වේ නම් 0112786200, 0112 784201, 0112785202, 0112784203 දුරකථන අංක වලට හෝ හදිසි අවස්ථා සඳහා 119 දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කරන බව ඒ මහතා කීවේය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...