තාහීර් එක්දින පිටියෙන් සමුගනියි

2025 අප්‍රේල් මස 22 ප.ව. 10:05 - {{hitsCtrl.values.hits}}  

මේ වසරේ ජුනි මාසයේදි එංගලන්තයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් එක්දින පිටියට සමුදෙන බව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් සඳහන් කරයි.

කෙසේ වෙතත් තමන් 2020 වසර තෙක් විස්සයි20 පිටියේ රැඳී සිටින බව තාහීර් සඳහන් කරයි. ශ්‍රී ලංකාව හා පැවැති පළමු එක්දින තරගයෙන් පසුව තාහීර් මේ බව නිවේදනය කළේය. තාහීර් මේ මාසයේදී සිය 40 වැනි වියට පා තැබීමට නියමිතය.

පාකිස්තානයේ උපත ලද තාහීර් පාකිස්තාන ඒ කණ්ඩායමට පවා ක්‍රීඩා කර තිබේ. කෙසේ වෙතත් ඔහු ජාත්‍යන්තර පිටියට පිවිසෙන්නේ දකුණු අප්‍රිකාව හරහාය. එක්දින තරග 95ක් ක්‍රීඩා කර ඇති තාහීර් කඩුලු 156ක් දවාගෙන තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...