තිලක් ජයසේකර විදුහල්පති අගයයි

2025 මැයි මස 06 පෙ.ව. 03:07 - {{hitsCtrl.values.hits}}  

තලාවේගම විද්‍යාලයේ විදුහල්පති ආර් එම් තිලක් ජයසේකර මහතා පාසල් ළමුන්ට බෙදාදීමට නිල ඇඳුම් සහ පොත් රැගෙන තම කුඩා මෝටර් සයිකලයේ යන ආකාරය සහිත ඡායාරූපයක් අන්තර්ජාලය පුරාම පසුගිය දිනයන් හිදී දක්නට ලැබුණු අතර එය බොහෝ දෙනාගේ කථාබහට ලක්විය.

එය දුටු ප්‍රසිද්ධ සිනමාපට අධ්‍යක්ෂක සුජීව ගුණරත්න මහතා එම විදුහල්පතිතුමාගේ නිවසටම ගොස් එම විදුහල්පතිතුමාගේ ක්‍රියාව විශේෂ ඇගයීමකට භාජනය කළේය. එසේම විදුහල්පතිතුමන් හට මුදල් පරිත්‍යාගයක්ද සිදු කර එතුමන් දිරිගැන්වීය.  

සුළු ඉල්ලීම් වලටත් ජනතාව පෙළමින් වැඩ වර්ජනය කරන ඇතැම් රාජ්‍ය සේවකයන්ට මෙම විදුහල්පති තුමා ලබා දුන්නේ මහගු ආදර්ශයක් බවද සුජීව ගුණරත්න මහතා විදුහල්පතිතුමන් ඇගයීමට ලක්කරමින් කියා සිටියේය.

මෙවැනි ඇගයීමක් කිසි කලක නොලද බවත්, තමා මොනතරමේ දුෂ්කරතාවයන් පැමිණියද දරුවන් වෙනුවෙන් තමාගෙන් විය යුතු යුතුකම හා රාජකාරිය නිසි ලෙස ඉටු කිරිමට බැදී සිටින බව එහිදී විදුහල්පතිතුමා කියා සිටියේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...