තෝරාගත් පාසල්වලට කිරි පැකට්ටුව අඛණ්ඩව

2024 නොවැම්බර් මස 19 ප.ව. 04:10 - {{hitsCtrl.values.hits}}  

තෝරාගත් පාසල්වල 1ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා සිසුන් හා විශේෂ අධ්‍යාපන ඒකකවල සිසුන් ආවරණය කරමින් පාසල් සිසුන් සඳහා උදෑසන කිරි පැකට්ටුවක් ලබාදීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2013 වසරේ සිට ක්‍රියාත්මක එම වැඩසටහනට අනුවමිල්කෝ පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන වෙළඳපොළ වටිනාකම රුපියල් 30/-ක් වන මිලිලීටර 150 ප්‍රමාණයේ කිරි පැකට්ටුවක් රජය විසින් මිලදී ගෙන පාසල් සිසුන්ට ලබාදෙනු ලැබේ.

කිරි පැකට්ටුවක වර්තමාන වෙළඳපොළ මිල ගණන් යටතේ වුවද මෙම වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීමට  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...