දකුණු අධිවේගයේ අනතුරින් මියගොස් ඇත්තේ ඉන්දීය ලේඛකයෙක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 11:02 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගියදා සඳුදා (23දා) සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සුප්‍රසිද්ධ හින්දි කතුවරයෙක් වන  ගංගා ප්‍රසාද් විමල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් තිදෙනාට අමතරව ඔවුන් ගමන් ගත් වාහනය පැදවූ රියදුරාද ජීවිතක්ෂයට පත්විය.

80 හැවිරිදි කතුවරයා සිය පවුලේ අය සමඟ වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී කුරුඳුගහහතප්ම ප්‍රදේශයේදී ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

විමල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර රියදුරා රෝහලට ඇතුළත් කරන විට මිය ගියේය.

ඔහු කවි, කෙටිකතා සහ නවකතා රචනා කර ඇති අතර අවසන් නවකතාව වන මනුෂ්කෝර් 2013 දී ප්‍රකාශයට පත් ක තිබේ. විමල් හින්දි සාහිත්‍ය සම්මාන කිහිපයක්ම හිමිකරගත් ලේඛකයෙකි.

නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...