2024 දෙසැම්බර් මස 21 ප.ව. 09:43 - {{hitsCtrl.values.hits}}
ගාල්ල දිස්ත්‍රික්කයේ රූමස්සල අවට මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ දැනුමින් සහ ‘ඉන්සි’ සිමේන්ති සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
නාවික හමුදා කිමිදුම් අංශය මඟින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කිමිදුම් සහය ලබා දෙනු ලබයි. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ මඟපෙන්විම යටතේ දකුණු නාවික විධානට අනුයුක්ත කිමිදුම් හා ගලවා ගැනිමේ ඒකකය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිම සඳහා සිය දායකත්වය සැපයිමට කටයුතු කරනු ලබයි.
මෙහි සමාරම්භක උත්සවය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම්, සෝමරත්න විදානපතිරන මහතා, ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති, චන්දන අලහකෝන් මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ පුහුණු විධායක සහ අණදෙන නිලධාරි, කපිතාන් (කිමිදුම්) සංජිව පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘දක්ෂිණ’ ආයතනයෙහි අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (අවි) රොෂාන් මුදලිගම මහතා ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය.(Sri lanka Nevy)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |