දිනකට පිළිකා රෝගීන් 76

2025 අප්‍රේල් මස 22 ප.ව. 05:33 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව තුළ දිනකට පිළිකා රෝගීන් 76 දෙනෙකු අලුතෙන් ලියාපදිංචි වන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, වි‍ශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පැවසීය.

ඒ ආකාරයට 2018 වසරේදී නව පිළිකා රෝගීන් 28,000ක් රජයේ පිළිකායතන 24හි ලියාපදිංචි වී තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතරින් කාන්තාවන් පිළිවෙළින් පියයුරු පිළිකාව, තයිරෝයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවලට හා ගැබ්ගෙල ආශ්‍රිත පිළිකාවලට මුහුණ දී සිටින බවද ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

මෙම පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් නිට්ටාවට සුවකර ගත හැකි බවත්, ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...