දිස්ත්‍රික් 4කට නායයාමේ අවදානම

2025 ජනවාරි මස 10 ප.ව. 01:34 - {{hitsCtrl.values.hits}}  

වර්ෂාපතනය ඉදිරි පැය 24ක කාලය තුළත් පැවතියහොත් මේ වන විට දිස්ත්‍රික්ක 04ක් සඳහා නිකුත් කර ඇති නායයාමේ අවදානම් සහ කණ්ඩි කඩා වැටීමේ තත්ත්වය තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස අනතුරු ඇගවීම ප්‍රකාශ කොට ඇත. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල කඳුකර බෑවුම් ප්‍රදේශ හා නිර්මිත බෑවුම් ප්‍රදේශවල මෙන් ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ හැකියාවක් ඇති ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...