දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණයක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:52 - {{hitsCtrl.values.hits}}  

දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණයක් සැප්තැම්බර් මස 13-14 දෙදින පුරා ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබේ.

ශ්‍රී ලංකාවේ වන අලි ගැවසෙන ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි සමීක්ෂණ ස්ථාන 2229දී සමීක්ෂකයින් 7316ක් යොදාගෙන මෙම සමීක්ෂණය සිදු කිරීමට නියමිතය.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසන්වරට වන අලි සමීක්ෂණයක් සිදුකර තිබුණේ 2011 වසරේදීය. එහිදී වන අලි ගහනය 5879ක් ලෙස ගණන් බලා තිබුණි.

මෙම සමීක්ෂණය සඳහා බාහිර පුද්ගලයන් සහභාගී කර ගැනීමටද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව 011-2888585 දුරකතන අංකය අමතා සමීක්ෂකයෙක් ලෙස ලියාපදිංචි විය හැකි බවත් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...