දුම්බර පෙතියාටත් දෙයියන්ගේ පිහිටයි

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 10:48 - {{hitsCtrl.values.hits}}  

නකල්ස් රක්ෂිතයට පමණක් ආවේනික “ දුම්බර පෙතියා “ නම් මත්ස්‍යයන් බිලි කොකු වලින් අල්ලමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බව නකල්ස්  සංරක්ෂණ මධ්‍යස්ථාන නිලධාරීන් පවසයි.

නකල්ස් රක්ෂිතයේ දුම්බර වන නිවහන අසලින් ගලා බසින ඉල්ලකුබුර තෙලිගමුව ඔයේ මෙම මසුන් අල්ලමින් සිටි බව කියති.

මෙම මත්ස්‍යයා “ දුම්බර පෙතියා “ නමින් හදුන්වනු ලබන අතර ලෝකයෙන්ම නකලස් රක්ෂිතයේ පමනක් ජිවත්වන මතස්‍යයකු බවත් වදවි යාමේ අන්තරාදායක් තත්වයේ  ඇති රතු දත්ත පොතට අනුව වදවි යාමේ දැඩි අන්තරදායක  තත්වයේ ඇති මත්ස්‍යයෙක් බවත් නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රමණි ශිරන්තා මහත්මිය පැවසුවාය.

2009 වනජිවි හා තුරුලතා ආඥා සංශෝධිත පනත යටතේ රක්ෂිත මත්ස්‍යයෙකු වන අතර 1996 ධිවර හා ජලජ සම්පත් අංක 2 පනත යටතේද රක්ෂිත මත්ස්‍යයකු වන බවත් මෙම මත්සයන් නකල්ස් රක්ෂිතයේ හැර වෙනත් කිසිදු ස්ථානයක දැක ගැනිමට නොහැකි බවත් ඇය කීවාය. ( -ලංකාදීප)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...