දුෂ්කර පාසල් සඳහා පුස්තකාල පොත් සහ උපකරණ පරිත්‍යාග කෙරේ

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:56 - {{hitsCtrl.values.hits}}  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්ති දෙවර්ෂ පූර්ණ සැමරීම වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් දුෂ්කර පාසල් සඳහා පොත් සහ පාසල් පුස්තකාල උපකරණ පරිත්‍යාග කිරීම හෙට (09) බලංගොඩ හල්පේ කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වේ.

ඒ අනුව බලංගොඩ හල්පේ කනිෂ්ඨ විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් එම විද්‍යාලයේ පුස්තකාලය සංවර්ධනය කිරීමට රාක්ක, පොත් සහ අනෙකුත් පුස්තකාල ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කෙරේ. මීට අමතරවප්‍රදේශයේ තෝරා ගත් තවත් පුස්තකාල 20ක් වෙනුවෙන් රු. 30,000ක් වටිනා පොත් කට්ටලය බැගින් පරිත්‍යාග කිරීම දමෙහිදී සිදු වේ.පාසල් දරුවන්ට කියවීම හුරුකරවීම හා පාසල් පුස්තකාල ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන සඳහා පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ, සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, බලංගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් හා ගුරුවරුන්, පාසල් දරුවන් මෙන්ම දෙමාපියන් ඇතුළු පිරිසක් සම්බන්ධ වීමට නියමිතය.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...