දොඩම්පහල රාහුල හිමි පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධුරයට

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 07:44 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධුරයට පූජ්‍යපාද දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පත්කර ඇති අතර, අද (20) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය පූජ්‍යපාද කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන් වහන්සේ විසින් මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවන ලද අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍යපාද වටිනාපහ සෝමානන්ද හිමියන් විසින් පිලිගැනීමේ කතාව සිදුකරන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය, පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙනෙහි පරිවෙනාධිපති පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී අනුශාසනාවක් ද සිදු කළහ. 

 අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා ඇතුළු ගිහි පැවිදි නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...