ධරණීය සංවර්ධනය පිළිබඳ 7 ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වය ලංකාවට

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 06:43 - {{hitsCtrl.values.hits}}  

ධරණීය සංවර්ධනය සඳහා වූ හත්වැනි ආසියා පැසිෆික් සංසදය (APFSD) වත්මන් කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් 'නව යථාර්ථයන්ට' අනුගතව ප්‍රථම වතාවට අන්තර්ජාලය ඔස්සේ ‘වර්චුවල්’ රැස්වීමක් ලෙස මැයි 20 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණ.

එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කවුන්සිලයේ (UNESCAP) ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත මෙන්ම තායිලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන සමන්තා කේ.  ජයසූරිය මහත්මිය එම 7 වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපති ධුරයට ඒකමතිකව තේරී පත් වූවාය. ඒ අනුව ඇය ඉදිරි වසරක කාලයක් සභාපති ධුරය හොබවනු ඇත.

‘ආසියා පැසිෆික් කලාපයේ 2030 ධරණීය සංවර්ධන න්‍යාය පත‍්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග’ යන තේමාව යටතේ 7 වැනි ආසියා පැසිෆික් සංසදය පැවත්විණි.

2030 ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය සාක්ෂාත් කරගැනීම සඳහා එක්සත් ජාතීන් ‘ක‍්‍රියාකාරී දශකය’ ප‍්‍රකාශයට පත්කළ බව සමාරම්භක සැසිවාරය අමතමින් සිහිපත් කළ තානාපතිනි ජයසූරිය මහත්මිය එම අරමුණු අත්පත් කරගැනීමේදී සියලුම ආයතන හා සමාජයේ සියලුම සාමාජිකයන් මෙන්ම බහුපාර්ශ්වික සහයෝගීතා රාමුවක් තුළ සියලුම පාර්ශවකරුවන්ගේ හවුල්කාරීත්වයෙන් ජාතික හා කලාපීය මට්ටමින් මනා ලෙස සම්බන්ධීකරණය කළ ප්‍රතිචාරයන්ගේ වැදගත්කම අවධාරණය කළාය. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...