2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා
2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා
Toggle navigation
පුවත්
විශේෂාංග
ළමා නිර්මාණ
කවි
චිත්‍ර
රචනා
කෙටි කතා
වෙනත්
පරිසරය
විද්‍යා
පාසල් පුවත්
ලොව වටා
දිනපොත
අද දවස
අද සිදුවීම්
.
Share Now
නකල්ස් රක්ෂිතයේ හිස් භූමි වල රුක් රෝපණ වැඩසටහනක්
2025 මාර්තු මස 13 පෙ.ව. 01:28
- {{hitsCtrl.values.hits}}
දුම්බර වන පෙතේ ශාකගහනය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට අධි සංවේදී ලෝක උරුම නකල්ස් රක්ෂිත භුමියේ වන ගහනය නොමැති හිස් භූමිවල නැවත පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරයි. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුර්ණ අධික්ෂණය හා නිර්දේශ යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය පවසයි. දැනටමත් නකල්ස් රක්ෂිත වනාන්තරය තුළ විවිධ හේතුන් මත විනාශවී මුඩු භූමි බවට පත්ව ඇති හිස් භූමි ප්‍රදේශ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව හදුනාගෙන ඇති බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේය.
මෙම ව්‍යාපෘතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය මත සිදුකෙරේ. පාසල්, ස්වෙච්ඡා සංවිධාන, රාජ්‍ය ආයතනවලට මෙන්ම කණ්ඩායම් වශයෙන් හෝ කේවල වශයෙන් පරිසර හිතැත්තන්ට මෙම කටයුත්තට දායක විය හැකිය. ඒ සඳහා dumbaralk@yahoo.com ඊමේල් ලිපිනය මගින් තොරතුරු ලබාගත හැකි බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියි.
දින පොත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ
Read more...
diary
Read more...