සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් නන්දා මාලිනියට දර්ශනසූරී උපාධිය

2025 ජනවාරි මස 10 ප.ව. 09:28 - {{hitsCtrl.values.hits}}  

ජනාධිපති සම්මාන ලාභී ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මිය සිංහල සංගීත ක්ෂේත්‍රයට කළ විශිෂ්ට සේවාවක් අගයමින් අද (6) සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මගින් දර්ශනසූරී සම්මාන උපාධිය පිරිනැමීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති සේවාර්ජිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අතින් ඇයට දර්ශනසූරී උපාධිය පිරිනැමිණි. උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.


(ගයාන් අමරසේකර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...