නවසීලන්ත අගමැති හා ඇමති මණ්ඩලය සියයට 20කින් වැටුප් කප්පාදු කර ගනියි

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:37 - 105  

කොරෝනා වසංගතය  හේතුවෙන් තම ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් මාස හයක කාලයක් සඳහා තමාගේ හා තම අමාත්‍ය මණ්ඩලයේ වැටුප් මාස හයක කාලයක් සඳහා සියයට 20කින් කප්පාදු කරන බව නවසීලන්ත  අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් ප්‍රකාශ කළාය.

රැකියා අහිමිවූ, වැටුප් කප්පාදුවට ලක්වූ හෝ වැටුප් සහනාධාර මත යැපෙන අය වෙනුවෙන් මෙම පියවර ගත් බව ඇය ප්‍රකාශ කළාය.

"විවිධ තනතුරු අතර පරතරය වසා දැමීමට කවදා හෝ කාලයක් තිබුනේ නම්, දැන් එම කාලයයි. අපට පියවර ගත හැකි ස්ථානය මෙයයි." යැයි ඇය පැවැසුවාය.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරියගේ වාර්ශික  මූලික වැටුප NZ $ 470,000 (£ 226,000; $ 285,000)කි.. රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්ගේ හා අනෙකුත් දේශපාලනඥයින්ගෙ වැටුප් ද කප්පාදු කරන බව ඇය පැවසුවාය.

නවසීලන්තයේ වෛරසය  පැතිර යෑමට ප්‍රථමය ඇය රට අගුළුදැමූ අතර එම තීරණය ගැනීම පිළිබඳව ඇයට ගොලීය වශයෙන් ප්‍රසාදය හිමිවිය.

කොවිඩ් 19 වයිරසය හේතුවෙන් නවසීලන්තයේ ආර්ථිකයට මේ වසරේදී 7.2% ක බලපෑමක් එල්ල විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගණන් බලා තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...