නව අගවිනිසුරු දිවුරුම් දෙයි

2025 ජනවාරි මස 09 පෙ.ව. 10:46 - {{hitsCtrl.values.hits}}  

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

2007 සිට 2011 දක්වා රජයේ සොලිස්ටර් ජනරාල් ධූරය හොබවා ඇති ප්‍රියසාද් ඩෙප් මහතා, වැඩබලන අගවිනිසුරුවරයා ලෙස කිහිපවරක් කටයුතු කර ඇත.

දිවුරුම්දීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, යන මහත්වරුන් සහ ප්‍රියසාද් ඩෙප් මහතාගේ පවුලේ ඥාතීන් එක්ව සිටියහ.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (1)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...