නව සන්නිවේදන රෙගුලාසි පෝස්ටුව අසත්‍යයලු

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 12:12 - {{hitsCtrl.values.hits}}  

නව සන්නිවේදන රෙගුලාසි අනුව ශ්‍රී ලංකාවේ සියලුම දුරකතන ඇමතුම්  පටිගත වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සඳහන් කරයි. මෙම තොරතුරුවල දැක්වූයේ ජනතාව ලබාගන්නා සියලුම දුරකථන ඇමතුම් පටිගතවන බවත් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා යවන පණිවුඩ සියල්ලම පාහේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ අධීක්ෂණය කරන බවත්ය.

කෙසේ වෙතත් මෙම ව්‍යාජ පුවත ජනතාව නොමග යැවීමට යම්කිසි පිරිසක් විසින් දරනා උත්සායක් බවද පරිවර්තන සමූහය පවසයි. “සමාජ මාධ්‍ය යෙදුම් හරහා ජනතාව හුවමාරු කරගන්නා පණිවිඩ කිසිදු විටෙකත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් අධීක්ෂණයට ලක් නොකරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය හෝ පහසුකම් මෙරට නොමැති බවත් එසේ සමාජ මාධ්‍ය අඩවි මගින් හුවමාරු වන පණිවිඩ ඡායාරූප වීඩියෝ ඇතුළු දත්ත සියල්ලම අධීක්ෂණය කිරීමට එම සමාජ මාධ්‍ය ජාලවල අනුමැතිය ශ්‍රී ලංකා රජයට ලබාදී නොමැති බවත් ඉතාමත් වගකීමකින් යුක්තව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස ප්‍රකාශ කරමු.”
(අද පුවත්පත)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...