නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ අභ්‍යාසයක්

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 02:25 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් පසුගියදා (20 දා) ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය ත්‍රිකුණාමලය, වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. ‍

මෙහිදී නෞකාව මුහුදේදී චලනය වෙමින් තිබියදී නෞකාව සමබරව තබා ගනිමින් හෙලිකොප්ටර් යානය නෞකාව මතට ගොඩබෑම සඳහා අවශ්‍ය සහාය ලබා දීම නෞකාවේ අණදෙන නිලධාරි,‍ කපිතාන් (අවි) උදය කුමාරසිංහ ඇතුළු කාර්ය මණ්ඩලය සාර්ථකව සිදු කරන ලදී.

‍තවද, අවස්ථාව ඉදිරි නාවික ගුවන් ඒකාබද්ධ මෙහෙයුම් සඳහා ශක්තිමත් අඩිතාලමක් සපයනු  ඇත.

මෙම ඒකාබද්ධ අභ්‍යාසය සඳහා නාවික හමුදා කිමිදුම් ඒකකය සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) ද අනුයුක්ත කර සිටි අතර, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ද සහභාගී විය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...