2025 අප්‍රේල් මස 22 පෙ.ව. 05:49 - {{hitsCtrl.values.hits}}
කේරලයේ සංචාරක දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන ක්ලින්ට් අන්තර් ජාතික අනුස්මණ චිත්‍ර තරගාවලියෙන් ජය ලබා සම්මාන ලැබීමට නුගේගොඩ අනුලා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තුෂ්මිණි රුවන්‍යා පීරිස් සිසුවිය කේරලය බලා පිටත්වේ. සම්මාන ප්‍රදානය 27 වැනිදා කේරල සංචාරක දෙපාර්තමේන්තුවේදි පැවැත්වේ. තුස්මිණි සිසුවිය සමග සම්මාන ලැබීමට ලාංකික සිසුවියන් වන සේසාලි චනුදිමා කාරියවසම්, තනුමි ද සිල්වා, එසේලි රණවක සිසුවියන් තිදෙනක්ද සුදුසුකම් ලබා සිටී. තුෂ්මිණි අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශ ශිෂ්‍ය නායිකාව ද වන අතර ගායනයටද විශේෂ දෂ්කම් දක්වන ඇය විජය ළමා පුවත්පතේ යාව ජීව සමාජිකාවකි. මීට පෙරද ඇය අන්තර්ජාතික හා ජාතික සිතුවම් තරගවලින් සමස්ත ලංකා ජය ලබා තිබේ.
ජයග්‍රාහි සිතුවම් සඳහා පිවිසෙන්න
![]() |
diary Read more... |