නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්

2025 අප්‍රේල් මස 22 ප.ව. 05:17 - {{hitsCtrl.values.hits}}  

නානුඹය සිට සිංගල් ට්‍රී කන්ද හරහා නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපාතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.

සීමාසහිත අවුට්ඩොර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා වැය කිරීමට ඇස්තමේන්තු ගත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 50කි.  නානුඹය දුම්රිය ස්ථානය, නුවර එළිය තුරඟ තරග පිටිය හා සිංගල් ට්‍රී කඳු මුදුණ යා කරමින් කුළුණු 21ක් මත ගොඩනැගීමට යෝජිත මෙම ව්‍යෘතිය හරහා එකවර මගීන් 10කට ගමන් කළ හැකි කුටි 88කින් සමන්විතය.

එහි පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහත් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...