නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 07:03 - {{hitsCtrl.values.hits}}  

නුවරඑලියේ ඉදි කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම (13 )දා  සිදු විය. නුවරඑලිය මහ නගරසභාව පරිශ්‍රයේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් ඒ සඳහා අත්සන් කිරීම සිදු කළේ ය.

නානුඹය සිට සිංගල් ට්‍රී කන්ද හරහා නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපාතිය ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය මීට ඉහතදී ලැබුණි. ඒ සඳහා වැය කිරීමට ඇස්තමේන්තු ගත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 50කි.  නානුඹය දුම්රිය ස්ථානය, නුවර එළිය තුරඟ තරග පිටිය හා සිංගල් ට්‍රී කඳු මුදුණ යා කරමින් කුළුණු 21ක් මත ගොඩනැගීමට යෝජිත මෙම ව්‍යෘතිය හරහා එකවර මගීන් 10කට ගමන් කළ හැකි කුටි 88කින් සමන්විතය. එහි පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...