නෙවිල් නානායක්කාර සමුගනියි

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 01:35 - {{hitsCtrl.values.hits}}  

රජ්‍ය සේවයේ සුවිශේෂි වාර්තා තබමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරයක් කළ නෙවිල් නානායක්කාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ ළාබාලම දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස 1981දී පත්වීම් ලැබීම හා එතැන් සිට 2005 දක්වා අවුරුදු 24ක් රාජ්‍ය ආයතනයක ප්‍රධානියා ලෙස දීර්ඝතම සේවාවක් සහිතව කටයුතු කිරීම එම සුවිශේෂී වාර්තාවයි.

ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ නිර්මාතෘ මෙන්ම ආරමභක සභාපතිද වන නෙවිල් නානායක්කාර මහතා ශ්‍රි ලංකා රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කළේය.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (10දා) සිදුකිරිමට නියමිත අතර එම දේහය හෙට පස්වරු 3.00 සිට 3.30 දක්වා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු පරිශ්‍රයට රැගෙන ඒමටද නියමිතය.

1975 වසරේදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට එක්ව ඇති ඒ මහතා 1981 වසරේදී රජයේ මුද්‍රණලාධිපති ලෙස පත්වන්නේ ශ්‍රි ලංකා රාජ්‍ය සේවයේ ළාබාලම දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙසිනි. එතැන්  පටන් ඔහු රජයේ මුද්‍රණාලාධිපති ලෙස අඛණ්ඩව අවුරුදු 24ක් සේවය කිරීමට සමත්වන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ලෙස දීර්ඝතම සේවා කාලයට හිමිකම් කියමිනි.

අවසන් කටයුතු හෙට (10දා) සවස 4.00ට දලුගම පල්ලිය පොදු සුසාන භූමියේදී සිදුකෙරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...