නෙළුම් කුළුණ 2021දී ජනතා අයිතියට

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 05:46 - {{hitsCtrl.values.hits}}  

නෙළුම් කුළුණ 2021 වසරේ මුල් මාස කීපයේ දී මහජනයා වෙනුවෙන් විවෘත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර තිබේ.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ නිලධාරීන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පසුගියදාජනාධිපති කාර්යාලයේදීපැවති අතර, එහිදී  මෙම තීරණය ගෙන තිබේ.

ව්‍යාපෘතියට සමගාමීව නෙළුම් කුළුණ පරිශ්‍රයේ ඇරඹීමටනියමිතආපනශාලා,වෙළෙඳසැල් හාවිනෝද ක්‍රීඩා පහසුකම් සඳහාදේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ටද අවස්ථාව ලබාදිය යුතු බවත්, එසේම සාම්ප්‍රදායිකනිර්මාණ සඳහාද ඉඩ සැලසියයුතු බවත් ජනාධිපතිවරයා එහිදී උපදෙස්දී තිබේ.

හෙතෙම පෙන්වාදී ඇත්තේ පරිශ්‍රයේ අභ්‍යන්තර සැලසුම් එක් එක්ව්‍යාපෘතියට අදාළ ආයෝජකයන්ට නිර්මාණශීලීව ඉදිරිපත් කර අනුමත කරගැනීමෙන් පසු ක්‍රියාත්මක කළ හැකි බවයි.

ඒ අනුවව්‍යාපෘතියටසමගාමී ආයෝජන සැලසුම් පිළිබඳ දේශීය විදේශීය ව්‍යාපාරිකයන් දැනුවත් කිරීම වහාම අරඹන ලෙස ජනාධිපතිවරයා  විසින් නිලධාරීන්ට දැනුම්දී තිබේ.

 

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,විදෙස් සංචාරකයන්ට මෙන්ම රටේ සාමාන්‍ය ජනතාවටද නෙළුම් කුළුණ දැකගනිමින්එහි ආස්වාදය විඳ ගැනීමට අවස්ථාව සැලසියයුතු බවයි.(wmdjbm)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...