නේපාලයේත් සාපෙළ විභාග මධ්‍යස්ථානයක්

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:20 - {{hitsCtrl.values.hits}}  

සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින ශිෂ්‍යයන් හත්දෙනෙකු දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන බැවින් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ විභාග මධ්‍යස්ථානයක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත සිසුන් වෙනුවෙන් තංගල්ල, රත්මලාන, මාතර ප්‍ර‘දේශවල විභාග මධ්‍යස්ථාන පවත්වන බවත්, මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් වෙනුවෙන් එම රෝහල තුළද විභාග මධ්‍යස්ථානයක් පවත්වන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසා සිටියේය.

කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ හා වටරැක සුනීත විද්‍යාලය තුළත් විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කරන බවත්, මීට අමතරව පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙනුවෙන් රට පුරා විභාග මධ්‍යස්ථාන හාරදහස් නවසිය අසූහතක් පිහිටුවන බවත් හෙතෙම පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 02 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා පාසල් අයදුම්කරුවන් හාරලක්‍ෂ තිස්තුන්දහස් පනහක් හා පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්‍ෂ අසූතුන්දහස් නවසිය පනස්අටක් පෙනීසිටීමට නියමිත අතර, සමස්ත අයදුම්කරුවන්ගේ ප්‍රමාණයට හත්ලක්‍ෂ දාහත්දහස් අටකි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...