නොවැම්බර් 15 දා පාසල් නිවාඩු

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 03:04 - {{hitsCtrl.values.hits}}  

2019-11-15 දින දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.  

2019 නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව මෙසේ නිවාඩු  ලබා දී තිබේ.

එමෙන් ම, ඡන්ද මධ්‍යස්ථාන ලෙස ‍යොදාගන්නා සියලු පාසල් යථා පරිදි නැවත භාරදීමේ කොන්දේසියට යටත් ව 2019-11-14 වන දින පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීමට සහ එම පාසල්වල නොවැම්බර් 16 වැනි දින ඡන්ද විමසීම් කටයුතු සිදුකිරීමටත්, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල්  ඒ සඳහා යොදාගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ ‍කොමිසම වෙත අනුමැතිය ලබා දී තිබේ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...