සීගිරියේ ඇති පරණවිතාන ශූරීන්ගේ නිවස සංචාරක නිකේතනයක් වෙයි

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 12:35 - {{hitsCtrl.values.hits}}  

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්  සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි බව පැවසෙන ඉපැරණි නවාතැන්පොළ සංචාරක නිකේතනයක් ලෙස නම්කර දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් පසයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වසර 25කට පමණ වැඩි කාලයක් පරණවිතාරණ ශූරීන්  වසර ගණනාවක් රැඳී සිටී ඉපැරණි නිවාසයේ කාමරවල මෙන්ම ඔහු  භාවිත කළ ඇඳ, පුටු, මේස, ආදී භාණ්ඩ ද  සංචාරකයෙකුට පරිහරණය කිරීමේ අවස්ථාව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවකාශ ලබාදී තිබෙන අතර අතර තවත් භාණ්ඩ රැසක් කෞතුකාගාරයේ ද තැනපත් කර තිබේ. සීගිරි පව්ව ඉදිරිපිට පොල් අතුවලින් සෙවිලි කරන ලද කටුමැටි ගැසූ සංචාරක නිකේතනය පරණවිතාරණ ශූරීන් රැඳී සිට ඇත. ‍කොළඹ පුරාවිද්‍යා ප්‍රධාන කාර්යාලයෙන් ඕනෑම දෙස් විදෙස් සංචාරකයකුට මෙම නිවාඩු නිකේතනය මුදල් ගෙවා වෙන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ.  සීගිරිය  නැරඹීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් එක් විදේශිකයෙකුගෙන් රුපියල් 5,000ක මුදලක් අයකෙරේ. සෙනරත් පරණවිතාන ශූරීන් නවාතැන්ගෙන සිටි ඉපැරණි නිවසේ කාමරයක රැඳී සිටීම සඳහා රුපියල් 400ක පමණ ආසන්න මුදලක්  දිනකට ලබාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මූලාශ්‍ර ලංකාදීප

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...