පරිසර සංකල්පය ප්‍රචලිත කරන්න පාසල් සිසු පාපැදි සවාරියක්

2024 දෙසැම්බර් මස 23 ප.ව. 12:25 - {{hitsCtrl.values.hits}}  

ලෝක පරිසර සංවිධානයේ සංකල්පයක් මත, පරිසරය සුරැකීම ජනතාව තුළ ප්‍රචලිත කිරීම වෙනුවෙන් ලොව පුරාම පැවැත් වූ පාපැදි සවාරියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ සංවිධානය කළ පාසල් සිසු සිසුවියන් එක් වූ පාරිසරික පාපැදි සවාරිය කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලින් ඊයේ (11) ආරම්භ විය. දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රෝබිනා මාක්ස් මහත්මිය ගේ සහ කොළඹ  ළමා පොත් සංගමයේ සභාපති ආචාර්ය  ධර්මදේශ අම්බලන්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. කොළඹ රත්නාවලි බාලිකා විද්‍යාලය, නාරහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. කොළඹ ළමා පොත් සංගමය උත්සවය සංවිධානය කළහ.

ඡායාරූප - රුෂිරු තරංග

            

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...