පරිසර සතියක්

2025 අප්‍රේල් මස 22 ප.ව. 06:36 - {{hitsCtrl.values.hits}}  

ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් ප‍්‍රකාශයට පත් කරමින් පරිසරය වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති සියලු වැඩසටහන් වඩා ශක්තිමත් සහ කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (24දා) පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වුණු මධ්‍යම පරිසර අධිකාරියේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

අධිකාරිය විසින් මෙතෙක් ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන්වල ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් මෙහි දී ජනාධිපතිවරයා‌ගේ  අධීක්ෂණයට ලක් විය.

පරිසර නියමු ව්‍යාපෘති ප‍්‍රමාදයකින් තොරව අවසන් කිරීම, පාසල් මට්ටමින් පරිසර නියමුවන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම ආදි කරුණු පිළිබඳව ද සාකච්ඡා වූ අතර, පාසල් දරුවන් ඇතුලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් පරිසර සංරක්ෂණය, ආරක්ෂණය හා කළමනාකරණය කෙරෙහි සහභාගිත්වය වැඩිකර ගැනීමට පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන්නේ ය.

පොලිතින් තහනම, වාහනවල අධික ශබ්දය සහිත නලා නාද කිරීම තහනම් කිරීම, පරිසර පොලිසිය ශක්තිමත් කිරීම ආදි පරිසර සංරක්ෂණය වෙනුවෙන් රජය පසුගිය දිනවල ගත් වැදගත් තීන්දු සහ ඊට අදාළ ව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප‍්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි

එමෙන් ම මහනුවර නගරයේ ප‍්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබූ කටුගස්තොට, ගොහාගොඩ කැළි කසළ කන්ද සහ ඊට විසඳූම් ලබාදීමට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප‍්‍රගතිය ද ජනාධිපතිවරයා විමසා බැලීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...